වැඩිහිටියන්ගේ පන්ති පිළිබඳ විස්තර
ඉතාලි භාෂා පාඨමාලාව · ළමයින් සඳහා · ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික පවුල් වෙනුවෙන්

ඔබේ දරුවාට
ඉතාලි පාසල් අධ්‍යාපනයෙන් ජය ගැනීමට අත්වැලක් වන්න

Accademia Melitalia යනු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන්ම විශේෂයෙන්ම පිහිටුවන ලද ඉතාලි භාෂා ආයතනයකි. මෙහි පන්ති සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබයි — එවිට ඔබේ දරුවා කළු ලෑල්ලේ ඇති වචන පිටපත් කිරීම පමණක් නොව, භාෂාව සැබවින්ම අවබෝධ කර ගනී.

සිංහල
ඉංග්‍රීසී
ඉතාලි
නව කණ්ඩායම් සඳහා ලියාපදිංචිය ඇරඹුණා
දරුවන් සඳහා ඉතාලි භාශා පාඨමාලාව
ඉතාලියේ පාසල් යන වයස අවුරුදු 9 සහ ඊට වැඩි දරුවන් සඳහා
500+
ඉගෙනුම ලැබූ සිසුන්
4+
ඉතාලි ගුරුවරයන්
පැය 3
සතියට
📅
මූලික සැසිය (Main session)
සෑම සති අන්තයකම පැය දෙකක්
🗣️
කථන පුහුණු සැසිය (Speaking session)
සතියේ දින වල පැයක්
📱
Melissa teacher mobile app
ඕනෑම මොහොතක, දුරකතනයෙන් ප්‍රගතිය පරීක්ෂා කරන්න
🎓
500+
Children enrolled to date
4+
Italian national teachers
🏛️
Pavia
University-educated founder
🏅
Certified
Official certificate on completion
මෙම පාඨමාලාව කා සඳහාද?

ඔබේ දරුවා දැන් ඉතාලි පාසල් අධ්‍යාපනය ආරම්භ කල අලුත විය හැක. ඔවුන් එහි අධ්‍යාපන කටයුතුවලින් පසුපසට නොගොස් ඉදිරියටම යන බව අපි සහතික කරමු.

දරුවෙකු ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණි විට, ඔවුන්ට දෙගුණයක් වෙහෙස වීමට සිදු වේ — එනම් අලුත් විෂයන් ඉගෙන ගන්නා අතරතුරම, ඒ හා සමානව අලුත් භාෂාවක්ද ඉගෙන ගැනීමට ඔවුන්ට සිදු වේ. අපගේ වැඩසටහන මඟින් මෙම තත්වය මනාව අවබෝධ කරගෙන ඔවුන්ව වේගයෙන් ඉතාලි භාශාවට අනුගත කිරීම තුලින් එම ගැටලුව ඉතා ක්‍රමවත්ව සහ කඩිනමින් විසඳා දෙයි.

01

වයස අවුරුදු 9ට වැඩි දරුවන්

දැනට ඉතාලි පාසලක ඉගෙනුම ලබන ඕනෑම දරුවෙකු සඳහා — ඔවුන් පසුගිය මාසයේ පැමිණි අය වුවද, නැතහොත් කලක සිට ඉතාලියේ ජීවත් වෙමින් තවමත් පාඩම් තේරුම් ගැනීමට අපහසුතාවයෙන් පසුවන අය වුවද අපගේ පාඨමාලාව මේ සියලුම දරුවන් සඳහා විවෘතයි.

02

පාඩම් මාලාවන් ඔබේ දරුවාගේ මව් භාෂාවෙන්ම පැහැදිලි කර දෙනු ලැබේ

අපි ඉතාලි භාෂාව උගන්වනු ලබන්නේ ඔබේ දරුවා සිතිවිලි මෙහෙයවන ආකාරය අනුව සිංහල හෝ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන් වඩාත් ගැලපෙන මාධ්‍යයෙනි. මෙහි අර්ථය නම්, ඔවුන් භාවිතා කළ නොහැකි වාක්‍ය ඛණ්ඩ කටපාඩම් කරනවා වෙනුවට, භාෂාවේ තාර්කික පදනම (Logic) සැබවින්ම තේරුම් ගන්නා බවයි. මෙවිට දරුවන්ට තමන්ගේ සිතිවිලි වචන බවට පත් කිරීමට අවශ්‍ය වන පුහුණුව සහ අවබෝධය ලැබේ.

03

කිසිවක් නොදත් මට්ටමේ සිට ස්වාධීනව භාශාව හසුරවන ශිෂ්‍යයෙකුගේ මට්ටම දක්වා

අපගේ අරමුණ වන්නේ ඔබේ දරුවාට ඉතිහාසය, විද්‍යාව සහ අනෙකුත් සෑම විෂයක්ම, කිසිදු පරිවර්තකයෙකුගේ සහායකින් තොරව සම්පූර්ණයෙන්ම තනිවම ඉතාලි භාෂාවෙන් හැදෑරීමට හැකි මට්ටමට පත් කිරීමයි.

මෙම පාඨමාලාවෙන් පසු ඔබේ දරුවා අත්කර ගන්නා නිපුණතා
එක් පාසල් වසරක් ඇතුළත — අපහසුතාවයෙන් පසුවන මට්ටමේ සිට විශ්වාසවන්තව කටයුතු කළ හැකි මට්ටම දක්වා.
ඉතාලි වචන පැහැදිලිව සහ නිවැරදිව උච්චාරණය කිරීම
තම පාසල් මට්ටමට අදාළව ඉතාලි භාෂාවෙන් කියවීමට සහ ලිවීමට හැකි වීම
පන්ති කාමරය තුළ ගුරුවරයා පවසන දේ තේරුම් ගැනීම සහ ඒ අනුව ප්‍රතිචාර දැක්වීම
ඉතිහාසය, විද්‍යාව සහ අනෙකුත් විෂයන් ස්වාධීනව හැදෑරීම
ඉතාලි ජාතික පන්ති සගයන් සමඟ ස්වාභාවිකවම මිත්‍රත්වයන් ගොඩනගා ගැනීම
දැනටමත් ඉතාලි භාෂාව තරමක් දන්නවාද?
ඔබේ දරුවා දැනටමත් ඉතාලි භාෂාව ඉගෙන ගැනීමට පටන් ගෙන ඇති අතර, ඔවුන් නතර කළ තැන සිට ඉදිරියට හැදෑරීමට කැමති නම්, කරුණාකර පහතින් ලියාපදිංචි නොවන්න. ඒ වෙනුවට, මුලින්ම අපගේ නොමිලේ පවත්වනු ලබන දැනුම පරීක්ෂණයට (Placement Test) සහභාගී වන්න. ඉන්පසු ඔවුන්ගේ වත්මන් දැනුම මට්ටමට ගැළපෙන පන්තියටම අපි ඔවුන්ව යොමු කරන්නෙමු — එවිට ඔවුන්ට පාඩම් කම්මැලි වන්නේද නැත, එමෙන්ම අන් අයට වඩා පසුපසින් සිටින්නේ ද නැත.
අපගේ ඉගැන්වීමේ ක්‍රමවේදය

ඔබගේ දරුවාගේ ඉතාලි භාශා අධ්‍යාපණය වැඩි වර්ධනය වෙනුවෙන් සෑම සතියකම සිදුවන කරුණු තුනක්

අපි මෙය 'හයිබ්‍රිඩ් ක්‍රමය' (Hybrid Method) ලෙස හඳුන්වමු. මෙය අදියර තුනකින් සමන්විත ක්‍රමවත් පද්ධතියක් වන අතර, ඉතාලි භාෂාව ඉගෙනීමේදී දරුවන් පන්සියයකට අධික සංඛ්‍යාවකට සැබෑ සහ මැනිය හැකි ප්‍රගතියක් අත්කර ගැනීමට මෙමඟින් උපකාරී වී ඇත.

01
📖

සති අන්තයේ පැවැත්වෙන ප්‍රධාන පන්තිය (The Weekend Main Class)

සෑම සති අන්තයකම, ඔබේ දරුවා කුඩා කණ්ඩායමක් සමඟ පැය 2ක විශේෂ අවධානයක් සහිත පාඩමකට සම්බන්ධ වේ. එහිදී අපි නිල Melitalia පෙළපොත භාවිත කරමින් ව්‍යාකරණ, වචන මාලාව, කියවීම සහ ලිවීම පියවරෙන් පියවර උගන්වනු ලබන්නෙමු. පන්තියේ සිටින්නේ කුඩා සිසුන් පිරිසක් බැවින්, සෑම දරුවෙකුටම සුදුසුකම් ලත් ඉතාලි ගුරුවරයෙකුගෙන් පෞද්ගලික අවධානය හිමි වේ.

📅 සති අන්තයේ පැය 2ක්
02
🗣️

සතියේ දිනවල පැවැත්වෙන කථන පුහුණු සැසිය (The Weekday Speaking Session)

සතියකට වරක්, පාසල් වේලාවෙන් පසුව, ඔබේ දරුවා පැයක කථන පුහුණු සැසියකට (speaking practice session) සම්බන්ධ වේ. මෙය හුදෙක් පොතක් බලා කියවීම නොව, සැබෑ ලෙසම ඉතාලි භාෂාවෙන් කථා කිරීමට ඔවුන් පුහුණු වන අවස්ථාවයි. මෙහිදී සැබෑ ප්‍රශ්න ඇසීම, සැබෑ සංවාද පැවැත්වීම සහ සැබෑ ලෙසම ප්‍රතිචාර දැක්වීම සිදු කෙරේ. දරුවෙකුගේ ආත්මවිශ්වාසය වේගයෙන්ම වර්ධනය වන්නේ මෙම සැසිය තුළදීය. සති කිහිපයක් ඇතුළත දරුවාගේ මෙම වෙනස බොහෝ දෙමාපියන්ට පැහැදිලිවම දැනෙනු ඇත.

📆 සතියේ දිනක සන්ධ්‍යාවේදී පැය 1ක්
03
📱

Melissa teacher mobile app

ඔබේ දරුවාගේ ප්‍රගතිය දැනගැනීම සඳහා වාරය අවසන් වන තෙක් ඔබට බලා සිටීමට අවශ්‍ය නැත. ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකින් භාවිතා කළ හැකි 'Melissa Teacher App' එක මඟින් දරුවාගේ ප්‍රගතිය, සෑම සතියකම ආවරණය කළ පාඩම් සහ ගුරුවරයා විසින් ලබා දෙන ලිඛිත අදහස් (Feedback) ඔබට පහසු ඕනෑම වේලාවක බලාගත හැකිය.

📊 දෙමාපියන් සඳහා එසැණින් යාවත්කාලීන වූ තොරතුරු
මෙහි පිරිවැය (ගාස්තුව) කොපමණද?

පැහැදිලි ගාස්තු තුනක් පමණි. සැඟවුණු ගාස්තු නැත. අනපේක්ෂිත අය කිරීම් නැත.

සෑම දෙමාපියෙකුටම තමන් ගෙවන මුදල සහ ඒ වෙනුවෙන් තමන්ට ලැබෙන සේවාව කුමක්දැයි නිවැරදිව දැනගැනීමට අයිතියක් ඇති බව අපි විශ්වාස කරමු. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙන්න.

මාසික පන්ති ගාස්තුව (Monthly Tuition)
📅
මාසික පන්ති ගාස්තුව
මෙය මාසික ගාස්තුවයි — ඔබේ දරුවාට සෑම මාසයකම අවශ්‍ය වන සියලුම ඉගැන්වීම් සහ සේවාවන් මෙයට ඇතුළත් වේ.
€75
එක් දරුවෙකු සඳහා · මාසිකව ගෙවිය යුතුය
  • සෑම සතියකම සෙනසුරාදා පැවැත්වෙන පැය 2ක ප්‍රධාන පන්තිය (weekend main session)
  • සෑම සතියකම සතියේ දිනක පැවැත්වෙන පැයක කථන පුහුණු සැසිය (weekday speaking session
  • දෙමාපියන්ට දරුවාගේ ප්‍රගතිය පරික්ශා කල හැකි Melissa teacher mobile app එක සඳහා පූර්ණ ප්‍රවේශය
  • ගුරුවරයා දරුවාගැන දක්වන අදහස් සහ ඇගයීම් ලකුණු
  • පාඨමාලාව අවසානයේ පිරිනමනු ලබන දරුවාගේ සහභාගීත්වය සහතික කරන සහතිකය
කණ්ඩායමක් තෝරාගෙන ලියාපදිංචි වන්න
📚
පාඨමාලා පෙළපොත (The Course Textbook)
එක් වරක් පමණක් මිලදී ගත යුතු අතර, ඔබේ නිවසටම එවනු ලැබේ.
€50
කුරියර් (Courier) සේවාව මඟින් ඔබේ ලිපිනයටම එවනු ලැබේ.
  • මෙම පාඨමාලාව සඳහාම විශේෂයෙන් සකස් කළ Melitalia පෙළපොත
  • කුරියර් (Courier) සේවාව මඟින් ඔබේ ලිපිනයටම එවනු ලැබේ
  • සම්පූර්ණ මූලික (Beginner) පාඨමාලාවම මෙයින් ආවරණය වේ.
  • ලියාපදිංචි වීම සඳහා අමතර ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නැත.
ලියාපදිංචි වන අවස්ථාවේදීම මුදල් ගෙවා ඇණවුම් කරන්න
👨‍👩‍👧‍👦
සහෝදර සහෝදරියන් සඳහා වන විශේෂ වට්ටම (Sibling Discount)
ඔබේ දරුවන් එක් අයෙකුට වඩා වැඩි ගණනක් ඇතුළත් කරන්නේ නම්
€45
සෑම මාසයකටම · ඔබේ දෙවන දරුවාගේ සිට ඉදිරියට
  • එකම පවුලේ අමතරව එක්වන සෑම දරුවෙකු සඳහාම යුරෝ 30 ක (€30) වට්ටමක් හිමිවේ.
  • දෙවන දරුවා සඳහා මාසික පන්ති ගාස්තුව යුරෝ 45 කි.
  • සියලුම පන්ති වාර (Sessions), ඇප් එක (Melissa teacher mobile app) සහ සහතිකය යන සියල්ල මෙයට ඇතුළත් වේ.
  • සෑම දරුවෙකුගේම උප්පැන්න සහතිකයේ පිටපතක් ඔබ ලබා දිය යුතුය.
නොපැහැඳිළි යමක් ඇත්නම් අපගෙන් විමසන්න →
අමතර ලියාපදිංචි ගාස්තු නොමැත.
සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත.
පන්ති කාලසටහන

ඔබේ පවුලේ පහසුව අනුව සුදුසු වේලාවක් තෝරාගන්න.

එක් එක් වයස් කාණ්ඩය සඳහා අපි පන්ති කණ්ඩායම් (Groups) දෙකක් පවත්වනු ලබන්නෙමු. එම කණ්ඩායම් දෙකෙහිම එකම විෂය මාලාව සහ එකම ගුණාත්මක ඉගැන්වීම් ක්‍රමවේදය අනුගමනය කෙරේ — වෙනස් වන්නේ පන්ති පැවැත්වෙන දිනය සහ වේලාව පමණි. එක් එක් කණ්ඩායම සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව සීමිත බැවින්, කලින්ම ලියාපදිංචි වන ලෙස අපි නිර්දේශ කරමු.

💡
How to read the timetable below: එක් කණ්ඩායමක් සතියකට දෙවතාවක් මුණගැසෙයි.
සති අන්ත පන්තිය (Weekend session) මෙය අලුත් විෂය කරුණු උගන්වනු ලබන ප්‍රධාන පැය 2ක පන්තියයි.
සතියේ දින පන්තිය (The weekday session) මෙය කථන පුහුණුව (Speaking practice) සඳහා පමණක් වෙන්වූ පැයක කාලයකි. මෙම පන්ති වාර දෙකම ඔබේ මාසික ගාස්තුවට ඇතුළත් වේ — ඒ සඳහා අමතර කිසිදු ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවේ.
Italian Starters Batch 04 (Age 9-12)
බඳවා ගන්නේ සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි
📖
Main Class · සෙනසුරාදා
උදේ 8:30 – 10:30
පැය 2ක් · ව්‍යාකරණ, කියවීම, ලිවීම
🗣️
Speaking Session · බදාදා
සවස 5:30 – 6:30
පැය 1ක් · කථන පුහුණුව
Italian Starters Batch 05 (Age 9-12)
බඳවා ගන්නේ සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි
📖
Main Class · සෙනසුරාදා
සවස 2:00 – 4:00
පැය 2ක් · ව්‍යාකරණ, කියවීම, ලිවීම
🗣️
Speaking Session · බදාදා
සවස 5:30 – 6:30
පැය 1ක් · කථන පුහුණුව
Italian Kick Starters Batch 03 (Age 13-16)
බඳවා ගන්නේ සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි
📖
Main Class · සෙනසුරාදා
උදේ 11:30 – 1:30
පැය 2ක් · ව්‍යාකරණ, කියවීම, ලිවීම
🗣️
Speaking Session · අඟහරුවාදා
සවස 5:30 – 6:30
පැය 1ක් · කථන පුහුණුව
Italian Kick Starters Batch 04 (Age 13-16)
බඳවා ගන්නේ සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි
📖
Main Class · ඉරිදා
සවස 2:00 – 4:00
පැය 2ක් · ව්‍යාකරණ, කියවීම, ලිවීම
🗣️
Speaking Session · අඟහරුවාදා
සවස 5:30 – 6:30
පැය 1ක් · කථන පුහුණුව
Photo of Melissa, founder of Accademia Melitalia
Melissa Fernando
නිර්මාතෘවරිය & ප්‍රධාන ගුරුවරිය
🏛️
University of Pavia
Italy · Graduate
ඇකඩමිය පිටුපස සිටින නිර්මාතෘවරිය

මෙලීසා (Melissa) මෙය නිර්මාණය කළේ ඇයි — සහ එය ඔබේ දරුවාට වැදගත් වන්නේ ඇයි

මෙලීසා (Melissa) හැදී වැඩුණේ ඉතාලි පාසල් පද්ධතිය තුළමය. ඇයත් ඉතාලියේ සෑම සිසුවෙකුම මුහුණ දෙන එම විභාගවලටම පෙනී සිටිමින්, එම විෂයයන්ම හදාරමින් සහ එම පීඩනයන්ටම මුහුණ දෙමින් හැදී වැඩුණු අයෙකි. එම හේතුව නිසාම, ශ්‍රී ලංකාවේ සිට පැමිණි දරුවෙකුට තවමත් හුරුපුරුදු නැති භාෂාවකින් අනෙක් සියලුම දේවල් සමඟ කරට කර වැඩ කිරීමට සිදුවීම කොතරම් අපහසු සහ පීඩාකාරී අත්දැකීමක්ද යන්න වෙනත් ඕනෑම අයෙකුට වඩා ඇය හොඳින්ම වටහාගෙන සිටියි.

ඇය Accademia Melitalia නිර්මාණය කළේ හුදෙක් සාමාන්‍ය භාෂා ආයතනයක් ලෙස නොවේ. ඇය මෙය ගොඩනැගුවේ ශ්‍රී ලාංකික පවුල් මුහුණ දෙන ගැටලුවලටම විශේෂිත වූ විසඳුමක් ලෙසයි — එනම්, ඉතාලි අධ්‍යාපන ආයතනවල පවතින සැබෑ ඉල්ලීම් සහ අවශ්‍යතා බැරෑරුම් ලෙස සලකා බලමින්, දරුවන්ට සැබවින්ම අවශ්‍ය වන දැනුම සහ මෙවලම්, ඔවුන් සිතන සහ වටහා ගන්නා ආකාරයටම පැහැදිලි කර දෙන සුවිශේෂී වැඩපිළිවෙළක් ලෙසයි.

අද වන විට ඇය සුදුසුකම් ලත් ඉතාලි ජාතික ගුරුවරුන් කණ්ඩායමක් මෙහෙයවමින්, මෙම ඇකඩමිය ඉතා ඉහළ වෘත්තීය සහ ආයතනික මට්ටමකින් පවත්වාගෙන යනු ලබයි.

🎓
Graduate of the University of Pavia
One of Italy's most respected universities, established in 1361.
🏫
Raised through the Italian school system
First-hand knowledge of what Italian teachers expect and where children fall behind.
👥
A professional team of Italian national teachers
Every lesson is delivered by a qualified, native Italian educator.
පාඨමාලාව අවසානයේ

ඔබේ දරුවාට නිල සහතිකයක් (Official Certificate) හිමිවේ.

වැඩසටහන අවසානයේදී, පාඨමාලාව සාර්ථකව නිම කරන සෑම දරුවෙකුටම Attestato di Partecipazione සහතිකයක් හිමිවේ — මෙය වසර පුරා ඔවුන් දැක්වූ කැපවීම, උත්සාහය සහ ලබාගත් ප්‍රගතිය අගයමින් පිරිනමනු ලබන නිල සහතිකයකි.

Kids course certificate
ඔබගේ දරුවා ලියාපදිංචි කිරීමට ඔබ සූදානම්ද?

අදම ඔබේ දරුවාගේ ස්ථානය වෙන් කරවා ගන්න.

සෑම කණ්ඩායමකම (Group) බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව සීමිතය. බඳවාගැනීමට නියමිත සිසුන් ගණන සම්පූර්ණ වූ පසු, ලියාපදිංචිය වසා දමනු ලැබේ. ඔබ ලියාපදිංචි වීමට පෙර කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, අපට WhatsApp පණිවිඩයක් එවන ලෙස ඉතා සුහදව මතක් කර සිටිමු — අපි ඉතා ඉක්මනින් ඔබට පිළිතුරු ලබා දෙන අතර, ඔබේ පවුලට වඩාත් ගැලපෙන වේලාව සහිත කණ්ඩායම තෝරා ගැනීමට උදව් කිරීමට අපි සතුටු වන්නෙමු.

අමතර ලියාපදිංචි වීමේ ගාස්තු අය නොකෙරේ
පන්ති සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලැබේ.
සුදුසුකම් ලත් ඉතාලි ජාතික ගුරුවරුන්
පාඨමාලාව අවසානයේ පිරිනමනු ලබන සහතිකය
WhatsApp Us