ළමයින්ගේ පන්ති පිළිබඳ විස්තර
ඉතාලි භාෂා පාඨමාලාව · වැඩිහිටියන් සඳහා · Zoom මඟින් මාර්ගගතව (Online)

විශ්වාසයෙන් නිවැරදිව ඉතාලි කතාකරන්න

Accademia Melitalia කියන්නේ ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් සඳහා වූ ඉතාලි භාෂාව ඉතා සරලව උගන්වන ආයතනයකි. අපි ඔබට දවසෙන් දවස ජීවිතයට අවශ්‍ය ඉතාලි — කතා කිරීම, කියවීම, ලිවීම — නිවැරදිව භාවිතයට උගන්වන්නෙමු. ඔබට සෑම දෙයක්ම පැහැදිලිව තේරුම් ගන්න හැකි ලෙස පන්ති සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කෙරේ.

සිංහල
ඉංග්‍රීසි
ඉතාලි
නව කණ්ඩායම් ආරම්භය - මාර්තු 2026
වැඩිහිටියන් සඳහා ඉතාලි — ආරම්භක පාඨමාලාව
මූලික මට්ටමේ සිට A2 දක්වා · මාස 10 · Zoom මඟින් සම්පූර්ණයෙන් මාර්ගගතව (Online)
මාස 10
පාඨමාලා කාලය
A2
ලඟාවන මට්ටම
පැය 2.5
සතියකට
💻
පන්ති පවත්වන්නේ කොහොමද?
Zoom මඟින් මාර්ගගතව (Online) — ඕනෑම උපාංගයකින් සම්භන්ධ විය හැක
📅
පාඨමාලා සැසියක කාලය
සතියකට පැය 2.5 - මාසිකව පැය 10
📱
Melissa Teacher App
පන්තියේ Video Recording එක නැවත බලන්න සහ දිනපතා පුහුණු වන්න
🎓
4+ yrs
Teaching Italian to adults
A2
Level achieved in 10 months
🏛️
Pavia
University-educated founder
📄
Official
Certificate valid for legal use
මෙම පාඨමාලාව කාටද?

ඔබට ඉතාලි නිවැරදිව කතා කරන්න අවශ්‍ය නම්, මෙන්න ඔබ ආරම්භ කිරීමට සුදුසුම තැන.

බොහෝ අය කියන්නේ “කතා කරන්න විතරක් ඉගෙනගන්න ඕනේ — ව්‍යාකරණ ඕනේ නෑ”. ඒ හැඟීම අපි තේරුම් ගන්නවා. හැබැයි ව්‍යාකරණ කියන්නේ ඔබට ඔබගේම වාක්‍ය ගොඩනගාගන්න තියෙන පදනම. අපි දෙකම අතිසරලව උගන්වනවා — ඔබට දවසෙන් දවස ඉතාලි භාෂාව නිවැරදිව භාවිතා කරන්න ආත්ම විශ්වාසය මෙමඟින් ගොඩ නැගේ.

01

බිංදුවේ සිට ආරම්භ කරන සම්පූර්ණ නවකයන්ට

ඉතාලි කිසිදු දැනුමක් අවශ්‍ය නැත. අපි ඉතාලි හෝඩියේ සිට නිවැරදි උච්චාරණය, මූලික ව්‍යාකරන පියවරෙන් පියවර ආරම්භ කරන්නෙමු.

02

එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු, රැකියාව සහ, නීතිමය කටයුතු සඳහා ඉතාලි අවශ්‍ය වැඩිහිටියන්ට

රැකියා ස්ථානයට, බැංකුවට, ලියකියවිලි වැඩකටයුතුවලට, හෝ රෝහල් අවශ්‍යතාවයකට වැනි ඔබට අවශ්‍ය ඉතාලි කතාබහ සහ අවබෝධය මේ පාඨමාලාවෙන් ගොඩනගයි.

03

මූලික අදියරේ සිට A2 දක්වා සහ තවත් ඉදිරියට යන්න කැමති නම් B1 දක්වා

මෙම පාඨමාලාවෙන් මාස 10කින් ඔබ A2 දක්වා යයි. තවදුරටත් ඉගෙනගන්න කැමති අයට B1 (බොහෝ residency / citizenship ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මට්ටම) දක්වා ඉදිරියට යා හැක. හුදෙක් A2 විභාගයට පුහුණු කිරීමට පමණක් සීමා නොවී, සත්‍ය වශයෙන්ම ඉතාලි භාෂාව නිවැරදිව හැසිරවීමට අපි ඔබව පුහුණු කරන්නෙමු.

පාඨමාලාවෙන් පසු ඔබට කළ හැකි වන දේ
තනිව තමන්ගේ වැඩකටයුතු ඉතාලියෙන් කරගැනීමට නොහැකි තත්වයේ සිට ස්වාධීනව ඉතාලි කතාකරන්නෙකු දක්වා.
ඉතාලි ජාතිකයන්ට පැහදිලිව තේරුම්ගැනීමට හැකිවන පරිදි නිවැරදිව ඉතාලි වචන උච්චාරණය කිර්‍රීම.
Hold everyday conversations — at work, shops, offices, hospitals චකිතයෙන් තොවර රැකියා කටයුතු, ලියකිවිලි වැඩ, රෝහලේදී හෝ ඕනෑම දිනපතා සංවාදයක් හැසිරවීමට හැකියාව ලැබීම
දැන්වීම්, පෝරම සහ නිල ලිපි කියවලා තේරුම් ගැනීම හැකිවීම
රැකියා සහ ලියකිවිලි අවශ්‍යතා සඳහා සරල ලෙස නිවැරදිව ඉතාලි භාෂාව ලිවීමට
Use your certificate for legal, employment or refugee documentation නීතිමය කටයුතු /රැකියා කටයුතු /සරණාගතභාවය (Refugee) ඉල්ලුම් කිරීමේ ලියකියවිලි සඳහා සහතිකය භාවිත කිරීමට හැකි වීම
ඉගැන්වීමේ ක්‍රමය ගැන
බොහෝ වැඩහිටියන් “කතා කරන්න විතරක් ඉගෙනගන්න ඕනේ — ව්‍යාකරණ ඕනේ නෑ” කියලා ඉල්ලනවා. නමුත් ව්‍යාකරණ පදනමක් නැතිව කතාබහ කිරීම තුළින් ඔබගේ අදහස නිවැරදිව ප්‍රකාශ කිරීම සීමිත වෙනවා වගේම අසන්නාට එය නිවැරදිව අවබෝධ කරගැනීමටද නොහැකි වෙනවා. අපි ව්‍යාකරණය ඉතාමත් සරලව උගන්වන්නේ ඔබට තනිවම වාක්‍ය ගොඩනගා ගැනීමට යොදාගත හැකි ආයුධයක් ලෙසයි. කට පාඩම් කලයුතු නීති මාලාවක් ලෙස නොවේ. එතැනින් ඔබට වේගයත් නිවැරදිභාවයත් ලැබෙනු ඇත.
පාඨමාලාව ක්‍රියාත්මක වන්නේ කොහොමද?

සෑම සතියකම ඔබගේ ඉගනීමට උදව් කරන ප්‍රධාන දේවල් තුනක්

ඔබගේ ඉගනීම පසුබෑමකට ලක් නොවෙන ලෙස සෑම සතියකම Live Zoom පන්තියක්, දිනපතා පුහුණුවට Mobile App එක, සහ නැවත බලන්න පුළුවන් Recordings අපි ඔබට ලබාදෙන්නෙමු.

01
💻

Zoom මගින් සතියකට එක් Live Class එකක් සහ Knowledge Sharing Session එකක්

සතියකට වරක් ඔබගේ කණ්ඩායම සමඟ පැය 2.5ක Live Zoom පාඩමකට එක්වීමට හැක. නව ව්‍යාකරණ, වචන, කතාබහ සහ උච්චාරණයට පාඩම තුළම අවධානය ලබාදෙන්නෙමු. ඔබට class link එක පන්තියට පැයකට පෙර WhatsApp සහ App එක මගින් ලැබෙන අතර සම්බන්ධ වීමට විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මීට අමතරව පන්තියේ උගත් දේ පන්තියේ අනිත් සගයන් සමඟ බෙදාගන්න Knowledge Sharing Session එකක් සතියකට වරක් පැවැත්වේ. මෙය ඔබට ඉතාලි භාෂාව භාවිතා කරමින් ඔබගේ අදහස්, අත්දැකීම් සහ ඉගෙනුම් එකිනෙට බෙදාගැනීමට අවස්ථාවක් වන අතර ඉතාලි භාෂාව තවත් හුරුපුරුදු වීමටත් උදව් කරනවා.

📅 සතියකට වරක් · පැය 2.5
02
📱

The Melissa Teacher App

පාඨමාලාව අතර කාලයේ ඔබේ පුද්ගලික ඉගෙනීමේ සහායකයා App එකයි. ඉතාලියේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වචන සහ කුඩා පාඩමක් සෑම දිනකම “Daily Dose” එකක් ලෙස App එකට ලබෙන අතර ඔබට පන්තියක් මගහැරුණොත් ඕනෑම වෙලාවක App එකෙන් සම්පුර්ණ recording එක බලන්න පුළුවන්.

📲 ශිෂ්‍යයන්ට නොමිලේ ලබාගත හැක · ඕනෑම samrtphone එකක භාවිතා කළ හැක
03
📝

සෑම පන්තියකට පසු ප්‍රශ්නාවලි (Quizzes) සහ ක්‍රියාකාරකම්

සෑම පාඩමකට පසු ඔබට කෙටි ප්‍රශ්නාවලියක් හෝ පුහුණුවීම සඳහා ක්‍රියාකාරකම් ලැබේ. මේවා විභාග නෙවෙයි, ඔබ ඉගෙනගත් දේ තදින්ම මතකෙට යන්න සහ භාවිතයට ගන්න උපකාර කරන ක්‍රමයකි. ඔබ නිතරම මෙලෙම පුහුණුවීම් කරද්දී ඔබගේ ඉතාලි ඉතාලි වේගයෙන් වැඩිදියුණු වේ. ඔබට යම් අපැහැදිලිතාවයක් ඇත්නම් ගුරුවරියගෙන් ඕනෑම වේලාවකදී උදව් ලබාගත හැක.

✅ ඔබට පහසු වේලවකදී
පන්ති ගාස්තු

පැහැදිලි ගාස්තු 3ක්. සැඟවුණු ගාස්තු නැහැ.

ඔබ ගෙවන්නේ කීයද, කවදාද, සහ ඒ වෙනුවට ඔබට ලැබෙන්නේ මොනවාද කියලා පැහැදිලිවම පහලින් බලාගත හැක.

මාසික පන්ති ගාස්තුව
📅
මාසික පාඨමාලා ගාස්තුව
මාසික ගාස්තුව ගෙවීම මගින් සතිපතා පන්තිය සහ පහත සියලුම පහසුකම් ඔබට හිමිවේ.
€61,00 (€50 + iva 22%)
මාසිකව · සතියට පැය 2.5 · මාසිකව පැය 10
  • සතියකට වරක් Live Zoom පන්තිය (පැය 2.5)
  • Melissa Teacher App එකට සම්පුර්ණ ප්‍රවේශය
  • Recordings නැවත නැවත බලන්න හැකියාව
  • Daily Dose — දිනපතා වචන හෝ කුඩා පාඩමක් ඔබගේ smart දුරකථනයට
  • සෑම පන්තියකට පසු Quizzes හෝ ක්‍රියාකාරකම්
  • අපැහැදිලිතාවයන් සඳහා සෑමවිටම ගුරු සහාය
ඔබගේ කණ්ඩායම සඳහා දැන්ම ලියාපදිංචි වන්න
📚
පාඨමාලා අත්පොත
ලියාපදිංචි වූ ශිෂ්‍යයන්ට විශේෂ වට්ටමක්
€48,80 (€40 + iva 22%)
ශිෂ්‍යයන් සඳහා පොතෙහි මිල (සාමාන්‍ය වටිනාකම €61 (€50 + iva 22%)) · බෙදාහැරීමේ ගාස්තුවත් ඇතුලුව
  • Melitalia විශේෂ ඉතාලි පාඩම් අත්පොත
  • ලියාපදිංචි ශිෂ්‍යයන්ට €48,80 — €12,20ක ඉතිරියක්
  • Courier මගින් ඔබේ ගෙදරටම ලබාදේ
  • Beginner සිට A2 දක්වා සම්පුර්ණ syllabus එක ඇතුළත් වේ
ලියාපදිංචියේදී ඇතුළත් වේ
🗓️
පළමු මාසය සඳහා සම්පූර්ණ ගාස්තුව
ඔබ මුලින්ම සම්බන්ධ වන විට පළමු මාසය සඳහා ගෙවෙන මුළු මුදල - සියලුම දේ ඇතුළත්ව
€109,80
පළමු මාසය සඳහා පමණක් · €61,00 පන්ති ගාස්තුව + €48,80 පාඩම් අත්පොත
  • දෙවන මාසයෙන් පසුව මාසිකව €61,00 පමණයි
  • සෑම මසකම 15 වෙනිදාට පෙර පන්ති ගාස්තු ගෙවිය යුතුයි
  • Tabacchi හෝ Bank transfer (Bonifico) මගින් ගෙවීමට හැක
  • ගෙවීමෙන් පසු receipt එකේ ෆොටෝ එකක් අපගේ WhatsApp අංකය වෙත එවා ගෙවීම තහවුරු කරන්න
ගෙවීම් පිළිබඳව ප්‍රශ්න යොමු කරන්න →
ලියාපදිංචි ගාස්තු නැත
සැඟවුණු ගාස්තු නැත
සෑම මසකම 15 වෙනිදාට පෙර ගෙවිය යුතුයි.
ℹ️
7වන මාසයේදී පන්තියට නොකඩවා සහභාගී වන ඔබට අමතර ක්‍රියාකාරකම් පොතක් නොමිලයේම ඔබගේ නිවසටම එවනු ලැබේ.
මෙම වටිනා ක්‍රියාකාරකම් පොත මඟින් ඔබ ඉගෙනගන් පාඩම් නැවත වඩාත් පුහුණුවීමට සහ නැවත මතක් කරගැනීමට බොහෝ සෙයින් උපකාර වනු ඇත.
පන්ති කාලසටහන

කණ්ඩායම් දෙකක් — ඔබට ගැලපෙන පන්ති දිනය සහ වේලාව තෝරන්න

කණ්ඩායම් දෙකටම එකම syllabus එක උගන්වන අතර එකම ගුරුතුමියන් සහ එකම ප්‍රමිතියෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරයි. වෙනස්වන්නේ සතියේ දිනය පමණයි. කණ්ඩායම් දෙකම 2026 මාර්තු මාසයේදී 17 සහ 19 යන දිනයන් වලදී ආරම්භ වේ. සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවාගනු ලැබේ.

💡
පන්තියට සම්බන්ධ වන්නේ කෙසේද: සියලුම පාඩම් Zoom හරහා උගන්වයි. ඔබට Zoom පමණක් භාවිතා කිරීමට අවශ්‍ය වේ. සෑම සතියකම පන්තියට පැයකට පෙර WhatsApp සහ Melissa Teacher App එක හරහා class එකෙහි Zoom link එක ලැබෙනු ඇත.
AD16 කණ්ඩායම
මාර්තු 17 ආරම්භ වේ
💻
Live පන්තිය · සෑම අගහරුවාදාවකම
රාත්‍රී 7:30 සිට 10:00 දක්වා
පැය 2.5 · Zoom හරහා මාර්ගගතව (Online)
📱
තනීව ඉගෙනගන්න
Daily Dose + ප්‍රශ්නාවලි හෝ ක්‍රියාකාරකම්
දිනපතා පන්ති අවසානයේදී වටිනා ප්‍රශ්නාවලියක්
🧠
ඔබගේ දැනුම බෙදාගන්න අවස්ථාවක්
Knowledge Sharing Session
කඩිනමින් සහ නිවැරදිව භාෂාව පුහුණුවීම සඳහා
AD17 කණ්ඩායම
මාර්තු 19 ආරම්භ වේ
💻
Live පන්තිය · සෑම බ්‍රහස්පතින්දාවකම
රාත්‍රී 7:30 සිට 10:00 දක්වා
පැය 2.5 · Zoom හරහා මාර්ගගතව (Online)
📱
තනීව ඉගෙනගන්න
Daily Dose + ප්‍රශ්නාවලි හෝ ක්‍රියාකාරකම්
දිනපතා පන්ති අවසානයේදී වටිනා ප්‍රශ්නාවලියක්
🧠
ඔබගේ දැනුම බෙදාගන්න අවස්ථාවක්
Knowledge Sharing Session
කඩිනමින් සහ නිවැරදිව භාෂාව පුහුණුවීම සඳහා
Photo of Melissa, founder of Accademia Melitalia
Melissa Fernando
නිර්මාතෘවරිය & ප්‍රධාන ගුරුවරිය
🏛️
University of Pavia
Biotechnology Graduate
ආයතනය ආරම්භ කිරීමට මූලික වූ පුද්ගලයා

ඉතාලි භාෂාව නොදන්නා අය අතරමැද සිටිමින් ඉතාලි ඉගෙනගන්නා අයට අවශ්‍ය දේවල් හොඳින්ම දැනගත්තා

Melissa යනු ඉතාලියේ ප්‍රසිද්ධ සහ පරණ විශ්වවිද්‍යාලයක් වන University of Pavia හි Biotechnology උපාධිධාරිනියක්. ඇය ඉතාලි අධ්‍යාපන පද්ධතිය තුළම හැදී වැඩුණ නිසා, ඉතාලි භාෂාව ව්‍යුහගත වන ආකාරය පාසල්වල උගනවන ආකාරය, සහ වෙන රටකින් පැමිණෙන වැඩිහිටියන්ට හා ළමුන්ට එදිනෙදා ජීවිතයට මොනවද ඉතාමත් අවශ්‍ය කියලා ඇය හොඳටම දන්නවා.

Accademia Melitalia ආරම්භ කිරීමට පෙර ඇය GSK ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වල වෘත්තීය අත්දැකීම් ලබාගෙන ඇත. වසර 4කට වඩා වැඩි කාලයක් ඇය වැඩිහිටි සිසුන්ට ඉතාලි උගන්වමින් සිටී. දැනට ඇය Ditals training (විදේශිකයන්ට ඉතාලි උගන්වන විශේෂ පුහුණුව) සම්පූර්ණ කරමින් පවතින අතර, ඇයගේ ප්‍රධාන අරමුණ ආයතනයේ අධ්‍යාපන ප්‍රමිතිය තවදුරටත් ඉහළ නැංවීමයි.

ඇගේ උගන්වීමේ ක්‍රමය ප්‍රායෝගිකයි, ඉවසිලිවන්තයි, සහ සැබෑ ප්‍රතිඵල වලට කේන්ද්‍රගතයි — කටපාඩම් කිරීමෙන් හෝ දෙබස් පාඩම් කිරීමට සීමා නොවී තමන්ගේ අදහස් ඉතාලි භාෂවෙන් වචන වලට පරිවර්තනය කරගන්නා ආකාරය ප්‍රායෝගිකව පුහුණු කරවයි.

🎓
Biotechnology graduate, University of Pavia
Academically trained in one of Italy's most prestigious institutions.
🏢
Professional experience at GSK and international organisations
Real-world professional background alongside her teaching career.
📜
Ditals specialist training in progress
The recognised qualification for teaching Italian as a foreign language.
පාඨමාලා සහතිකපත්‍රය

ඔබගේ සහතිකපත්‍රය — නීතිමය සහ නිල භාවිතය සඳහා වලංගුයි

පාඨමාලාව අවසානයේ Accademia Melitalia විසින් නිකුත් කරන නිල Attestato di Partecipazione සහතිකය ඔබට ලැබේ. මේක සරල “participation sticker” එකක් නොව — සැබෑ වැදගත් අවස්ථාවල භාවිත කළ හැකි ලියවිල්ලකි.

Adulti course certificate
📋
නීතිමය ලියකියවිලි
ඉතාලියේ නිල ක්‍රියාවලි සඳහා භාෂා අධ්‍යයන සාධකයක් ලෙස භාවිත කළ හැක.
🏛️
Refugee Commission
නිල ආයතන වෙත භාෂා දැනුම තහවුරු කිරීමට පිළිගැනේ.
💼
රැකියා
රැකියා අයදුම් සහ employer අවශ්‍යතා සඳහා ඉතාලි අධ්‍යයන සාධකයක්.
සැලකිලිමත්වන්න
මෙය A2 මට්ටම සහතික කරන සහතිකය නොවේ. A2 සහතිකය ලබාගැනීමට අදාළ විභාගයට පෙනීසිටිය යුතුයි.
ලියාපදිංචියට පෙර පහත කාරණා අවබෝධ කරගන්න

පාඨමාලාව සාර්ථක කරගැනීමට ඔබගේ වගකීම

ඔබගේ කාලය සහ මුදල සැබෑ ප්‍රතිඵල ලබාදීමට නම්, සෑම ශිෂ්‍යයෙකුගෙන්ම අපට අවශ්‍ය දේවල් මෙන්න.

01

සෑම සතියකම පන්තියට සහභාගී වන්න

ඔබ කෙතරම් වේගයෙන් ඉදිරියට යනවාද යන්නට වඩාත්ම බලපාන්නේ නිතිපතා පන්තියට සහභාගී වීමයි. පන්තියක් මග හැරුණොත් App එක හරහා recording එක බලන්න — නමුත් පන්ති මගහැරීම පුරුද්දක් කරගන්න එපා.

02

සෑම පාඩමකට පසු ප්‍රශ්නාවලි සම්පූර්ණ කරන්න

සෑම සතියකම ඔබට කෙටි ප්‍රශ්නාවලියක් හෝ පුහුණු ක්‍රියාකාරකමක් ලැබේ. මේවාට ගතවන්නේ මිනිත්තු කිහිපයක් පමණයි, නමුත් ඔබ ඉගෙනගත් දේ කොපමණ මතකයේ රඳවා ගන්නවාද සහ කොපමණ වේගයෙන් වැඩිදියුණු වෙනවාද යන්නට මේවා සැලකිය යුතු වෙනසක් ඇති කරයි.

03

සෑම දිනකම App එක භාවිතා කරන්න, මිනිත්තු කිහිපයක් වුවත්

Daily Dose විශේෂාංගය සෑම උදෑසනකම ඔබට කෙටි පාඩමක් හෝ වචන පුහුණුවීමක් එවයි. සෑම දිනකම එයට මිනිත්තු කිහිපයක් වැය කිරීම සතිපතා පන්ති අතර කාලයේ ඉතාලි භාෂාව ඔබේ මනසේ සක්‍රියව තබා ගැනීමට උදව් වේ.

පාඨමාලා ව්‍යුහය කෙටියෙන්
ඔබ ආරම්භ කිරීමට පෙර දැනගත යුතු සියල්ල.
කාලය: මාස 10 (කණ්ඩායමේ වේගය අනුව සුළු වෙනස් වීමක් සිදුවිය හැක)
ආවරණය වන මට්ටම: සම්පූර්ණ නවකයන්ගේ සිට ප්‍රායෝගික A2 මට්ටම දක්වා. ඉන් පසු ඔබ කැමති නම් B1 මට්ටම දක්වා ඉදිරියට යා හැක.
පන්ති ආකෘතිය: Zoom හරහා Live මාර්ගගතව (Online) — ඕනෑම දුරකථනයකින්, ටැබ්ලට් එකකින් හෝ පරිගණකයකින් සම්බන්ධ විය හැක
ගුරු සහය: ඔබට ඕනෑම වේලාවක ප්‍රශ්න ඇසිය හැක. අපි කිසිවිටෙකත් ඔබව අපහසුතාවයේ තනිකර තබන්නේ නැහැ.
උගන්වන භාෂාව: ඉතාලි භාෂාව සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි කෙරේ
ඉතාලි භාෂාව නම් චාරිකාව අප සමඟ ආරම්භ කිරීමට සූදානම්ද?

කණ්ඩායම් සම්පූර්ණ වීමට පෙර ඔබේ අසුන වෙන්කරවා ගන්න

කණ්ඩායම් දෙකම 2026 මාර්තු මාසයේදී ආරම්භ වන අතර සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවාගනු ලැබේ. බඳවාගනු ලබන සිසුන් ප්‍රමාණය සම්පූර්ණ වූ පසු ලියාපදිංචිය වසා දමනු ලැබේ. ලියාපදිංචි වීමට පෙර පාඨමාලාව, ගෙවීමේ ක්‍රමය, හෝ වෙනත් ඕනෑම දෙයක් ගැන ප්‍රශ්න තිබේ නම් — WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න, අපි ඉක්මනින්ම පිළිතුරු දෙන්නෙමු.

ලියාපදිංචි ගාස්තු නැත
සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් පන්ති
වසර 4කට වැඩි ඉගැන්වීමේ පළපුරුද්ද
නිල සහතිකය ඇතුළත් වේ
WhatsApp Us